බලන්න

E   |     |  

2020 ජනවාරි මස 03 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු ටී. රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘B’ : සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම
‘C’ : විපක්ෂ නායකවරයා පත්කිරීම
‘D’ : විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම
‘E’ : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටී. රංජිත් ද සොයිසා මහතාගේ අභාවය
‘F’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව, 2017 වර්ෂයේ සිව්වැනි කාර්තුව සහ 2018 වර්ෂයේ පළමුවැනි, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කාර්තු සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා;

(ii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ    41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2017 වර්ෂයේ තෙවැනි සහ සිව්වැනි කාර්තු සහ 2018 වර්ෂයේ පළමුවැනි,  දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කාර්තු සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා;

(iii)    2019 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ

(iv)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනාවට සභාව එකඟ විය -

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2018 සැප්තැම්බර්  07 දින කථානායකවරයා විසින් පත්කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, තමන් විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2018 සැප්තැම්බර් 04 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට අතුරු වාර්තාවක් මඟින් ඉදිරිපත් කර ඇති අතර අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට එම කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව, 2020 ජුලි 12  දින දක්වා දීර්ඝ කළ යුතු ය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1330 ට 2020 ජනවාරි මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks