පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A: “ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
• 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XI කොටස සහ හයවැනි කාණ්ඩයේ XIX, XX, XXI සහ XXII කොටස්;
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVI සහ XXVII කොටස්, සිව්වැනි කාණ්ඩයේ VI කොටස සහ හයවැනි කාණ්ඩයේ IX, X, XI හා XII කොටස්; සහ
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I කොටස සහ පස්වැනි කාණ්ඩයේ I කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017/18 වර්ෂය සඳහා කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව
(ii) 2016 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2014 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) කාලාවරෝධ (සංශෝධන) - (68 වන අධිකාරය වූ) කාලාවරෝධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) භාර ලදුපත් (සංශෝධන) - (86 වන අධිකාරය වූ) භාර ලදුපත් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
ඉහත සඳහන් පනත් කෙටුම්පත් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
2019 මැයි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් පත්කරන ලද 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව 2019 ඔක්තෝබර් 31 දින දක්වා දීර්ඝ කිරීමට මෙම පාර්ලිමේන්තුව අවසර ලබා දිය යුතුය.
“ශ්‍රී ලංකා පරිගණක සංගමය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1713 ට 2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks