පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2019 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2019.01.01 - 2019.03.31) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2015 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව
(v) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) (52 අධිකාරය) සුරාබදු ආඥාපනතේ 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ ස්ටිකර සහ ස්ටිකර කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 20 දිනැති අංක 2128/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති
(අංක 04/2019 දරන සුරාබදු නිවේදනය)
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අනුරාධ ජයරත්න මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(ii) ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා
(iii) ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(iv) ගරු බිමල් රත්නායක මහතා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(351 වන අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ආගාමික හා විගාමික (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
2019 ජූලි මස 09 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2019 අගෝස්තු මස 23 වැනි දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි පහත සඳහන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවන් හි නාමයන්,
කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව “කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව” ලෙසත්; සහ
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව “රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව” ලෙසත්; නැවත නම් කළ යුතුය.
කල් තැබීමේ යෝජනාව
“මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ටී. බී. ඒකනායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1843 ට 2019 සැප්තැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks