පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2018 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව (සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන්) එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු නිහාල් ගලප්පත්ති මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු එස්. ශ්‍රීතරන් මහතා
ආරක්ෂක අංශ විසින් සිය නිවස පරීක්ෂා කිරීම පිළිබඳව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
රුහුණු සංවර්ධන ප්‍රදේශය තුළ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති, සැලසුම්, වැඩසටහන් හෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හඳුනා ගැනීමේ, සකස් කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා වලට සභාව එකඟ විය -
(i) 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
2019 මැයි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් පත්කරන ලද 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව 2019 සැප්තැම්බර් 30 දින දක්වා දීර්ඝ කිරීමට මෙම පාර්ලිමේන්තුව අවසර ලබා දිය යුතුය.
(ii) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 51(3)(ආ)හි විධිවිධානවල කුමක් සඳහන් වුවද, කථානායකවරයා විසින් 2019 ජුනි 27 වැනි දින ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලද “ඌව පළාත් සභාවේ සංචාරක සංවර්ධන කාර්යංශ ප්‍රඥප්ති කෙටුම්පත” පිළිබඳව ස්වකීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2019 සැප්තැම්බර් 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමට මෙම පාර්ලිමේන්තුව අවසර ලබාදිය යුතුය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
සභාව විසින් අනුමත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප හෝ ජීවන වියදම් දීමනාව වැඩි කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ගාමිණී ලොකුගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2019 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks