බලන්න

E   |     |  

2019 අගෝස්තු මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’     :  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සාලින්ද දිසානායක මහතාගේ අභාවය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව
(iv)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vi)    2017 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(vii)    2017 වර්ෂය සඳහා ‍ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii)    2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(ix)    2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
(x)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xi)    2016 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව

(xii)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 52(2) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ තීරකවරයන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 08 දිනැති අංක 2113/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xiii)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 53(2)  සහ 54(1)(අ) වගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ අභියාචනා කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 28 දිනැති අංක 2116/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xiv)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 55(2) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ තොරතුරු ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 28 දිනැති අංක 2116/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම  කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අශෝක් අබේසිංහ මහතා               
(ii)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා               
(iii)    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(iv)    ගරු නිමල් ලාන්සා මහතා
(v)    ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා       -     පෙත්සම් හයයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා
පොලීසියේ නිලධාරීන්ට සංයුක්ත දීමනාව ගෙවීම

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය දිස්ත්‍රික්කයේ පැවැති ජනපති “නිල මෙහෙවර” ජංගම සේවයේ දී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු වජිර අබේවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1430 ට 2019 අගෝස්තු මස 7 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks