බලන්න

E   |     |  

2019 අගෝස්තු මස 01 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

(ii)    2018 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(iv)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ  මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව, 2019 ජූලි  27 දිනැති අංක 2133/65 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු මහින්ද රාජපක්ෂ මහතා
අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට රු 2500 මාසික දීමනාව ලබාදීම සහ පෞද්ගලික අංශයේ හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම

ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ධීවරයින් සඳහා බහුදින යාත්‍රා

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගරු තිලංග සුමතිපාල මහතා විසින් කරන ලද චෝදනාව පිළිබඳව ගරු අර්ජුන රණතුංග මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1971 අංක 52 දරන වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ

“වෙළඳ නැව් (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

 පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත” 

ඉදිරිපත් කිරීමට ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය වෙත යොමු කරන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු සේනරාජා සමරනායක මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු අබ්දුල් රසාක් මන්සූර් මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු වී. කේ. ඉන්දික මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1519 ට 2019 අගෝස්තු මස 6 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks