පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vii) 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි වාර්ෂික වාර්තා
(viii) 2019 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු ලකී ජයවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අනුර දිසානායක මහතා
බ්‍රිතාන්‍යයෙන් අපද්‍රව්‍ය ආනයනය කිරීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මුලතිව්, කන්නියා ආදී ප්‍රදේශවල පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන පිළිබඳව
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “1971 අංක 29 දරන නිවාඩු පනත සංශෝධනය කිරීම සඳහා වූ”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “2000 අංක 8 දරන ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ යෝජනාව
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් සහන ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2019 ජූලි මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks