පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අංශයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(v) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 61 වගන්තිය යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා විමසා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 26 දිනැති අංක 2116/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - පෙත්සම් දෙකයි
(ii) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු රොෂාන් රණසිංහ මහතා
තමාට එල්ල වූ මරණ තර්ජනය සහ ප්‍රහාරය පිළිබඳව පොලීසියට කළ පැමිණිලි සම්බන්ධයෙන්
(ii) ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ “හත්වැනි පැය” වැඩසටහනට සහභාගී වීම වැළැක්වීම සම්බන්ධයෙන්
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා වලට සභාව එකඟ විය -
(i) කිසියම් පනතකින් හෝ නීතියකින් මරණ දණ්ඩනය නියම කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් අහෝසි කිරීම පිණිස පාර්ලිමේන්තුවට භාර දී ඇති, “මරණ දණ්ඩනය අහෝසි කිරීමේ” පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ අදම පළකිරීමට හැකි වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 සහ 53 අත්හිටුවිය යුතු ය.
(ii) ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
2018 සැප්තැම්බර් 07 දින කථානායකවරයා විසින් පත්කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, තමන් විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2018 සැප්තැම්බර් 04 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට අතුරු වාර්තාවක් මඟින් ඉදිරිපත් කර ඇති අතර අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට එම කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව, 2020 ජනවාරි 12 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු ය.
(iii) උසස් නිලතල පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(1) හි විධිවිධානවල සහ 2016 පෙබරවාරි 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙ හි කුමක් සඳහන්ව තිබුණ ද, 2019 ජූලි 11 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි උසස් නිලතල පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දහහත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු ය.
කල් තැබීමේ යෝජනාව
“සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් එල්ල කරනු ලබන චෝදනා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1618 ට 2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks