බලන්න

E   |     |  

2019 ජූලි මස 11 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2016 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ආනන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු බුද්ධික පතිරණ මහතා              -        පෙත්සම් හතරයි     
(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා                   
(iii)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා     
            
 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ

“අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය සංස්ථාගත කිරීම සඳහා වූ” 

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මියට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 51(2)(අ) ප්‍රකාරව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීම සඳහා මෙම පනත් කෙටුම්පතේ පිටපත් එක් එක් පළාත් සභාවට යොමු කරන ලෙස මූලාසනය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට නියෝග කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය පිළිබඳ යෝජනාව

ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 92; විරුද්ධව 119) නිෂ්ප්‍රභා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2019 ජූලි මස 12 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks