පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා විධිවිධාන ප්‍රකාශයට පත් කිරීම
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘B’ : ඌව පළාත් සභාවෙන් ලැබුණු දැනුම්දීම
‘C’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2015 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(vii) 2018 වර්ෂය සඳහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(viii) 2016 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix) 2017 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x) 2018 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(2) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(xii) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ නාමය භෞතික විද්‍යා හා ඉලෙක්‍ට්‍රෝනික විද්‍යා අධ්‍යයන අංශය ලෙසත් උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ නාමය ශාක හා අණුක ජීව විද්‍යා අධ්‍යයන අංශය ලෙසත් සංශෝධනය කරමින් 2019 මාර්තු 27 දිනැති අංක 2116/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ හා අධ්‍යයන අංශ නිශ්චිතව දක්වමින් 2008 සැප්තැම්බර් 19 දිනැති අංක 1567/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2019 පෙබරවාරි 18 දිනැති අංක 2111/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 2018.02.23 සිට 2018.10.12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.04.04 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ දෙවැනි වාර්තාවේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අධ්‍යාපනය පිළිබඳ අනු කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
විදුලි මිල නියම කිරීමේ ක්‍රියාපටිපාටිය ප්‍රතිසංස්කරණය කිරීම
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2019 ජූනි 22 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරනු ලදුව අනුමත විය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2019 ජුනි මස 28 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks