බලන්න

E   |     |  

2019 ජුනි මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2018 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2018 වර්ෂය සඳහා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vii)    2018 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(viii)    2018 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(ix)    2018 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(x)    2018 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xi)    2018 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ‍ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xii)    2018 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiii)    2018 වර්ෂය සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xiv)    2018 වර්ෂය සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් සභා හා පළාත් පාලන අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xv)    2018 වර්ෂය සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xvi)    2018 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvii)    2018 වර්ෂය සඳහා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xviii)    2017 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික වාර්තාව
(xix)    2017 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(xx)    2015 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව

(xxi)    2019 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2019.04.01 සිට 2019.05.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xxii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxiii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 13 දිනැති අංක 2114/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxiv)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 14 දිනැති අංක 2114/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxv)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මැයි 13 දිනැති අංක 2123/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අකිල විරාජ් කාරියවසම් මහතා            
(ii)    ගරු වසන්ත අලුවිහාරේ මහතා              -        පෙත්සම් දෙකයි
(iii)    ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
(iv)     ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
(v)     ගරු මයන්ත දිසානායක මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා
සූර්ය බලශක්ති උත්පාදන වැඩසටහන

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාතේ අල ගොවීන්ට සහන ලබාදීම

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනත යටතේ නියෝග
(ii)   සුරාබදු අඥා පනත යටතේ නිවේදන තුනක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“යෝජිත සයිබර් ආරක්ෂණ පනත සහ ජනමාධ්‍ය නිදහස සීමා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චන්දිම වීරක්කොඩි මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1920 ට 2019 ජුනි මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks