බලන්න

E   |     |  

2019 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා විධිවිධාන ප්‍රකාශයට පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v)    2014 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩ‍ලයේ වාර්ෂික වාර්තාව

(vi)    2018 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(vii)    2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් අලුවිහාරේ මහතා          -      පෙත්සම් හතරයි           
(ii)    ගරු විජිත හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(ii)    2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1501 ට 2019 මැයි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks