බලන්න

E   |     |  

2019 මැයි මස 10 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ සිව්වැනි කාර්තුව (2018.10.01- 2018.12.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii)    2016 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)    2016 වර්ෂය සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව

(vi)    2018 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii)    2017 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්

(viii)    2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ උතුරු පළාත් සභාව, එරාවුර් නගර සභාව, කළුතර ප්‍රාදේශීය සභාව, කාත්තාන්කුඩි නගර සභාව, කොළඹ මහ නගර සභාව, දකුණු පළාත් සභාව සහ පානදුර නගර සභාව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(ix)    2017.07.01 සිට 2017.09.30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.01.24 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ වී අලෙවි මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(x)    2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නිරෝෂන් පෙරේරා මහතා                     -           පෙත්සම් තුනයි
(ii)   ගරු මනූෂ නානායක්කාර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින න්‍යාය පත්‍රයේ සඳහන් වූ “ශ්‍රී ලංකා අභ්‍යන්තර සැලසුම්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ගරු මයන්ත දිසානායක මහතා විසින් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2019 මැයි මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks