පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : රටට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයෑම් ආදී ස්වභාවික ආපදාවන් හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සභාවේ දැඩි කනගාටුව හා සංවේගය පළ කිරීම
‘B’ : පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව
‘C’ : අන්තර් පාර්ලිමේන්තු රැස්වීම කල් දැමීම
‘D’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2015 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා
(ii) ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
(iii) ගරු එස්. වියාලේන්දිරන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
කල් තැබීමේ යෝජනාව
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් 2016.05.17 දින ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් තත්වය සහ එහි අනාගතය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks