බලන්න

E   |     |  

2015 ජුනි මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර-

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2014 වර්ෂය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ
(ii)    2014 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii)   2014 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv)   2014 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v)    2014 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi)   2013 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ
(vii)  2014 වර්ෂය සඳහා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ
(viii) 2014 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ
(ix)   2014 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ
(x)    2014 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ
(xi)   2014 වර්ෂය සඳහා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ
(xii)  2014 වර්ෂය සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ
(xiii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ
(xiv) 2014 වර්ෂය සඳහා තැපැල් සේවා අමාත්‍යාංශයේ
(xv)  2014 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(xvi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මැයි 14 දිනැති අංක 1914/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා                    
(ii)   ගරු පාලිත තෙවරප්පෙරුම මහතා                    
(iii)  ගරු හුනෙයිස් ෆාරුක් මහතා - පෙත්සම් දෙකයි
(iv)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

(i)  ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
LTTE සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ වර්ධනය සම්බන්ධයෙන්

(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම සම්බන්ධයෙන්

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍යවරයා විසින් අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් 2015.01.29 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය තුළ අඩංගු වූ පෞද්ගලික අංශයේ වැටුප් හා වේතන සඳහා එක් සේවකයකුගේ මාසික වැටුප රු. 2500කින් වැඩි කරන ලෙසට වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් වර්ගවල සේවකයන්ට සේවා යෝජකයන් විසින් අයවැය සහන දීමනාවක් ගෙවීම සඳහා ද, ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අජිත් කුමාර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කම්කරු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“මැතිවරණ ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ආර්. යෝගරාජන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1825 ට 2015 ජුනි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks