බලන්න

E   |     |  

2015 ජුනි මස 9 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදන කරන ලදී -

‘A’     : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
‘B’     : සංචාරක කර්මාන්තය පිළිබඳව ඉදිරිපත් කර ඇති ප්‍රඥප්තියක් සම්බන්ධයෙන් සබරගමුව පළාත් සභාවෙන් ලැබී ඇති දැනුම් දීම
‘C’     : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2014 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ
(ii)    2014 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
(iii)   2014 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv)   2014 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v)    2014 වර්ෂය සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ
(vi)   2013 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ
(vii)  2014 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ
(viii) 2014 වර්ෂය සඳහා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ
(ix)   2014 වර්ෂය සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා පර්යේෂන අමාත්‍යවරයා විසින් සාදන ලදුව;

(x)    2015 මාර්තු 31 දිනැති අංක 1908/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xi)   2015 අප්‍රේල් 24 දිනැති අංක 1911/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරන ලද නියම

(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මාර්තු 31 දිනැති අංක 1908/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

(xiii)    කම්කරු අමාත්‍යවරයා විසින් (136 වැනි අධිකාරය වූ) පඩිපාලක සභා ආඥාපනතේ 63 වැනි වගන්තිය යටතේ සාදන ලද නියෝගය


(xiv)  2012 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා‍ සෞඛ්‍ය ආයතනයේ
(xv)   2013 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ

වාර්ෂික වාර්තා

(xvi)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වැනි වගන්තිය සමග කියවිය යුතු 34 වැනි වගන්තිය යටතේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මැයි 05 දිනැති අංක 1913/7 දරන අති වි‍ශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xvii)    1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනතේ 3 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 10 වැනි වගන්තිය යටතේ මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 අගෝස්තු 28 දිනැති අංක 1877/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ඉඩම් කටයුතු
(ii)   අධ්‍යාපන කටයුතු

පිළිබඳ උපදේශක කාරක සභාවල වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු ෆීලික්ස් පෙරේරා මහතා
(ii)    ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා - පෙත්සම් හතරයි
(iii)   ගරු වී. එස්. රාධක්‍රිෂ්නන් මහතා
(iv)   ගරු පාලිත රන්ගෙ බණ්ඩාර මහතා    
(v)    ගරු එම්. ටී. හසන් අලි මහතා - පෙත්සම් තුනයි
(vi)   ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
(vii)  ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(viii) ගරු ෆයිසාල් කාසිම් මහතා - පෙත්සම් පහයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
රජයේ ක්ෂණික සහන වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්

 

පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)     අභාවප්‍රාප්ත ගරු දයානන්ද ඒ. වික්‍රමසිංහ මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු ආ. මු. මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා
(iii)   අභාවප්‍රාප්ත ගරු අතුල නිමල්සිරි ජයසිංහ විජයමුණිදේව මහතා
(iv)   අභාවප්‍රාප්ත ගරු එම්. අයි. උදුමාලෙබ්බේ මහතා

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ

“පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය

සභාව විසින් විවාදයක් නොමැතිව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය තුළ තිබෙන ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2015 ජුනි මස 10 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks