පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් නිවේදන කරන ලදී -
‘A’ : පා.ම. ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාගේ අභාවය
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ
(iii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ
(iv) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
වාර්ෂික වාර්තා
(v) මහ බැංකුව විසින් 2015 වසර සඳහා නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ රුහුණ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 අප්‍රේල් 07 දිනැති අංක 1909/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මාර්තු 31 දිනැති අංක 1908/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 2014 වර්ෂය සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ
(ix) 2014 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
(x) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ
කාර්යසාධන වාර්තා
(xi) කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 25 වැනි වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(xii) 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117(2) වැනි වගන්තිය යටතේ සිවිල් ගුවන් සේවා නිරුපද්‍රිතතා කළමනාකරණය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2014 ඔක්තෝබර් 03 දිනැති අංක 1882/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xiii) 2015 මාර්තු 11 දිනැති අංක 1905/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 2014 දෙසැම්බර් 22 දිනැති අංක 1894/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර, ඒවායේ පෝෂක ප්‍රදේශ හා රක්ෂිත ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු තිස්ස කරල්ලියද්ද මහතා
(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා
(iii) ගරු පාලිත තෙවරප්පෙරුම මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිබඳව ගරු අගමැතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1512 ට 2015 මැයි මස 20 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks