බලන්න

E   |     |  

2015 පෙබරවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර 2011 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI වැනි කොටස; සහ 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VII වැනි කොටස, හතරවැනි කාණ්ඩයේ IX වැනි කොටස, පස්වැනි කාණ්ඩයේ IV සහ V වැනි කොටස් සහ හයවැනි කාණ්ඩයේ X, XI සහ XII වැනි කොටස්.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)      2012 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව
(ii)     2012 වර්ෂය සඳහා මාර්ග නඩත්තු භාර අරමුදලේ වාර්ෂික වාර්තාව
(iii)  2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7(2) වගන්තිය යටතේ අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 පෙබරවාරි 02 දිනැති අංක 1900/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් පහළොවයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i) ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
2015 අයවැය මගින් රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට යෝජනා කරන ලද වැටුප් ප්‍රතිලාභ සම්බන්ධව

(ii) ගරු අනුර දිසානායක මහතා
සාගර ආරක්ෂක ආයතනවල සේවය කරන නිලධාරීන් මුහුණපාන ගැටලු සම්බන්ධව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කුමාර් ගුණරත්නම් සහ අන්‍යයන්ට දේශපාලන කටයුතුවල නිරත වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2010 ට 2015 මාර්තු මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks