පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2006-09-27
ලක්ෂ්මී දේවියගේ ආශිර්වාද පතා "ලක්ෂ්මී පූජා" උත්සවයක් 2006 නවරාත්‍රී කාලය තුළ කථානායක නිල නිවසේදී පැවැත්විණි. හින්දු විශ්වාසය අනුව සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී ලක්ෂ්මී දෙවඟනයි . මෙම උත්සවය පැවැත්වුණේ සැප්තැම්බර් මස 27 වෙනි දින සවස් යාමයේ දීය. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ සහය ඇතිව මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, ගරු නියෝජ්‍ය කථානායක සහ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති යන මහත්වරුන් විසිනි.
කොළඹ 06, ශ්‍රී පත්තිරකාලි අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකවරයා එම විචිත්‍රවත් පූජාව මෙහෙයවීය. "නාදස්වරම්" සහ "තවිල්" වලින් සමන්විත වාද්‍ය වෘන්දයක්ද සූදානම් කර තිබුණි.
පූජාවෙන් නිර්මාණය කෙරුණු ආධ්‍යාත්මික පරිසරයට ගැළපෙන පරිදි "භරත නාට්‍ය" නර්තනයක් සහ සිංහල ශාස්ත්‍රීය ගායනයක්ද පවත්වන්නට යෙදුණි.
විශේෂ ආරාධිත අමුත්තෝද, උසස් නිලධාරීහුද, ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks