E   |     |  

2006-10-17

ඉෆ්තාර් සැමරුම 2006

රාමදාන් මාසය තුළ දිනපතා උපවාසය නිමාකරමින් සවස ආහාරය ගැනීම හෙවත් ඉෆ්තාර් උත්සවය, 2006 ඔක්තෝබර් මස 17 වන දින කථානායක නිල නිවසේදී පැවැත්විණි.

සවස 5.30 ට ආරම්භ වූ මේ විශේෂ උත්සවය සඳහා ආරාධිතයන් ලෙස ගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍ය , කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මුස්ලිම් නායකයෝද, අනෙකුත් ආගම්වල නායකයෝද තානාපතිවරුන් ඇතුළු පිරිසද සහභාගී වූහ.

ගිය වසරේ මෙන් මෙවරද උත්සවය සඳහා අරාබියානු රාජකීය ව්‍යාපාර සමූහයේ සභාපති සාම විනිසුරු එම්. බී. එම්. හම්සා මහතා අනුග්‍රහය දැක්වූ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හසන් අල් ෆාසි ෂෙරිෆ් මහතා සංවිධාන කටයුතු මෙහෙයවීය.

ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසය වන රාමදාන් මාසය, ඉස්ලාම් වර්ෂයේ වඩාත්ම ගරු කටයුතු, භාග්‍යවන්ත සහ ආධ්‍යාත්මික වශයෙන් වැඩදායක මාසය සේ සැලකේ. ලොවපුරා මුස්ලිම්වරුන් ගේ ප්‍රීතිමත් සහ ශුද්ධ වූ කාලය වන මේ මාසය තුළදී උපවාසය පමණක් නොව යාඥාව හා අසරණයන්ට සංග්‍රහ කිරීමද අවධාරණය කෙරේ.

වත්මන් කථානායක ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් කථානායක නිල නිවසේදී වාර්ෂිකව පැවැත්වෙන මේ පුණ්‍ය උත්සවය, රටේ ආගමික හා ජාතික එකමුතුවක් ඇතිකිරීම අරමුණු කොට ඇත්තේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks