පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2007-09-20
රාමදාන් මාසය තුළ දිනපතා උපවාසය නිමාකරමින් සවස ආහාරය ගැනීම හෙවත් ඉෆ්තාර් උත්සවය, 2007 සැප්තැම්බර් මස 20 වන දින කථානායක නිල නිවසේදී පැවැත්විණි.
සවස් වරුවේ ආරම්භ වූ මේ විශේෂ උත්සවය සඳහා අගමැති, විපක්ෂනායක, කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අරාබි රටවල තානාපතිවරු, මුස්ලිම් නායකයන්, අනෙකුත් ආගම්වල නායකයන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසගේ සහභාගීත්වය දක්නට ලැබුණි.
අරාබියානු රාජකීය ව්‍යාපාර සමූහයේ සභාපති සාම විනිසුරු එම්. බී. එම්. හම්සා මහතා මෙවරද මේ උත්සවය සඳහා අනුග්‍රහය දැක්වූ අතර, සංවිධාන කටයුතු මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එම්. හසන් අල් ෆාසි ෂෙරිෆ් මහතා විසිනි.
ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසය වන රාමදාන් මාසය, ඉස්ලාම් වර්ෂයේ වඩාත්ම ගරු කටයුතු, පූජනීය සහ අධ්‍යාත්මික වශයෙන් වැඩදායක මාසය සේ සැලකේ. ලොවපුරා මුස්ලිම්වරුන් ගේ ප්‍රීතිමත් සහ ශුද්ධ වූ කාලය වන මේ මාසය තුළදී උපවාසය පමණක් නොව යාඥාව හා අසරණයන්ට සංග්‍රහ කිරීමද අවධාරණය කෙරේ. එමෙන්ම කෙනෙකු ආහාරයෙන් පෝෂණය කිරීම මහත් ඵල ලැබෙන දානයක් ලෙස මුස්ලිම්වරු සලකති.
කථානායක ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් කථානායක නිල නිවසේදී වාර්ෂිකව පැවැත්වෙන මේ පුණ්‍ය උත්සවය, අප රටේ ආගමික හා ජාතික එකමුතුව ඇතිකිරීම අරමුණු කොට ඇත්තේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks