01

E   |     |  

 දිනය: 2018-06-06   පිළිතුර ලබා දී ඇත 

0471/2018: Auditor General Inquiry regarding foreign trip by PC members and executive officers - Uva PC

1898/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති බව එතුමා දන්නෙහිද?

 

(ආ) (i) එම වාර්තාවේ ඌව පළාත් සභාවේ මහජන නියෝජිතයන් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් සඳහා වූ විදේශ අධ්‍යයන චාරිකා සම්බන්ධයෙන්  අනාවරණය කර ඇති ජේද අංක 3 (අ) (i) සිට (x) දක්වා කරුණු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

(ii) එම අනාවරණයන්ට අදාළ වාර්තාවේ (ආ) (i) සිට (iii) දක්වා සිදු කර ඇති නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks