02

E   |     |  

 දිනය: 2018-07-19   පිළිතුර ලබා දී ඇත 

0455/2018: Complaints received and resolved by the Financial Crimes Division

1997/’17

ගරු බිමල් රත්නායක මහතා,— නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 සිට 2017 වර්ෂයේ ජූනි මස 30 දක්වා ලැබුණු පැමිණිලි සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)       2015 සිට 2017 ජූනි මස 30 දක්වා,

              (i)       විභාග කර අවසන් කර ඇති, විභාග කරමින් පවතින සහ විභාග කිරීම ආරම්භ නොකළ පැමිණිලි සංඛ්‍යාව; 

  (ii)  අධිකරණයන්හි නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව;

  (iii)  නඩු පැවරීමට හෝ නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති පැමිණිලි සංඛ්‍යාව;

  (iv)  මේ වනතෙක් නීතිපති උපදෙස් නොලැබුණු පැමිණිලි සංඛ්‍යාව;

 

 

  (v)  පවරා ඇති නඩුවලින් දේශපාලනඥයන් හා සම්බන්ධ නඩු සංඛ්‍යාව;

    එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-19

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks