04

E   |     |  

 දිනය: 2018-07-20   පිළිතුර ලබා දී ඇත 

0430/2018: Repairing Agricultural Wells

430/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන,

              (i)       බොහෝ දෙනෙක් වර්ෂයේ වැඩි කාලයක් ගොවිතැන් කටයුතුවල නිරත වන අය බවත්;

            (ii)       ගොවිතැන් සඳහා ජලය සපයා ගැනීමට වගා ළිං ප්‍රයෝජනයට ගන්නා බවත්;

(iii) එම වගා ළිං දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් කඩා වැටීමට හෝ ජලය හිඟ වීමට මුහුණපා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීමට යම්කිසි වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

 

(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-20

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks