04

E   |     |  

 දිනය: 2018-07-19   පිළිතුර ලබා දී ඇත 

0429/2018: completing the development of Anuradhapura Thalawa road

429/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කැකිරාව නගරයේ සිට තලාව හරහා අනුරාධපුරය දක්වා දිවෙන (තලාව පාර) මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දැනට ඉපලෝගම නගරය දක්වා සිදුකර වර්ෂ ගණනාවක් ගත වී ඇතත්, එතැන් සිට තලාව නගරය දක්වා වූ මාර්ගය මෙතෙක් සංවර්ධනය කර නොමැති බව දන්නේද;

(ii) වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වන මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු මෙලෙස ඇණ හිටීමට හේතු කවරේද;

(iii) මෙම මාර්ගයේ ඉතිරි සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-19

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks