පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
426/’18
ගරු ඉෂාක් රහුමාන් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගම්බිරිස්වැව ගම්මානයේ, පිහිටා ඇති ග්‍රාමීය රෝහල දැනට ගොඩනැගිල්ලකට පමණක් සීමා වී ඇති බවත්;
(ii) දිවා කාලයට පමණක් බාහිර රෝගී අංශයට වෛද්‍යවරයෙකු අනුයුක්ත කර සිටියද රාත්‍රී කාලයේදී හදිසි අවස්ථාවක හෝ ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-04
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks