01

E   |     |  

 දිනය: 2018-07-19   පිළිතුර ලබා දී ඇත 

0397/2018: Cabinet, State and Deputy Ministers and funds needed to sustain the same

2189/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව වර්තමාන රජයේ සම්පූර්ණ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) අමාත්‍යාංශ අධීක්ෂණ කටයුතු පැවරූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කොපමණද;

(iv) කැබිනට් අමාත්‍යවරයෙකු සඳහා වාර්ෂිකව වැය වන මුළු මුදල කොපමණද;

(v) අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අලුතින් වැඩි කරන ලද අමාත්‍යාංශ සඳහා 2017 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර තිබේද;

(vi) එසේ නම්, වෙන් කරන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-19

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks