පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0576/’10 ගරු ජෝන් අමරතුංග මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) රද්දොළුගම නිවාස සංකීර්ණයේ මායිම් ඇල හරහා වෙන්දේසි ඉඩමක පදිංචි වනිගසිංහ යන අයට පාරක් ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා සැලසුම් කළ බවත්; (ii) අතිගරු ජනාධිපතිතුමාට නිවාසලාභීන් කළ පැමිණිලි අනුව එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් වෙත ජනාධිපති කාර්යාංශයෙන් එවන ලද 2006.01.31 ලිපියෙන් එම පාර වසා දැමීමට නියෝග කර ඇති බවත්; (iii) හිටපු සාමාන්‍යාධිකාරීවරයා විසින් වනිගසිංහ නැමැත්තා මඟින් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කොට එම පාර ලබාදීමට සැලසුම් කර ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) වනිගසිංහ යන අයගේ නිවස ඉදිරිපිට පුළුල් පාරක් ඇති බවත්; (ii) නිවස පිටුපසින්ද පාරක් ලබාදීමට කුවිතාන්සි මඟින් මුදල් ලබාගෙන ඔප්පුවක් ලබාදීමට සැලසුම් කර ඇති බවත්; (iii) මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ උපදේශක කාරක සභාව නොමග යැවූ ප්‍රථම අවස්ථාව බවත්; එතුමා පිළිගන්නෙහිද? (ඇ) අදාළ සියලුම වාර්තා අධිකාරියේ සභාපතිවරයාට බාරදී ඇති බැවින් අතිගරු ජනාධිපතිතුමාගේ 2006.01.31 ලිපියේ නිර්දේශය අනුව එම පාර වසා දැමීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-12
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks