පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
220/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ කාර්මික විදුහලට, වෘත්තීය පුහුණුව සඳහා වාර්ෂිකව ඉල්ලුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙන අතර තෝරාගනු ලබන්නේ ඉතා සීමිත අපේක්ෂකයන් සංඛ්‍යාවක් පමණක් බවත්;
(ii) යාපනය දිස්ත්‍රික්කයේ රැකියා අවස්ථාවන් නොමැති තරුණ තරුණියන් දහස් ගණනකට මෙම කාර්මික විදුහලෙන් පුහුණුව ලැබීමට අවස්ථාව නොලැබෙන බවත්;
(iii) එකී තරුණ තරුණියන්ගේ යහපත උදෙසා යාපනය දිස්ත්‍රික්කය තුළ තවත් කාර්මික විදුහලක් ඉදිකිරීම සඳහා තෙන්මරච්චි ප්‍රදේශයේ, මිසාලේ වීරසිංගම් මධ්‍ය මහ විදුහලට අයත් ඉඩම් අක්කර 06ක් පරිත්‍යාග කර ඇති බවත්;
(iv) ඉහත ඉඩම නිරීක්ෂණය කළ වෘත්තීය පුහුණු දෙපාර්තමේන්තුවේ බලධාරින් විසින්, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද ව්‍යාපෘති යෝජනාව අනුමත වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මිසාලේ නව කාර්මික විදුහල ඉදිකිරීම සඳහා මූලික වැඩ කටයුතු හා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේද;
(ii) එසේ නම්, ඉහත විදුහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-06
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks