02

E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0216/2018: Fishing families in Poongari

216/’18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      කිළිනොච්චි දිස්ත්‍රික්කයේ, පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,  වලයිපාඩු ගම්මානයේ ධීවර පවුල් 300කට අධික සංඛ්‍යාවක් ජීවත්වන බවත්;

(ii) මෙම පවුල් අතරින් පවුල් 100ක් පමණ සෘජුවම ධීවර කර්මාන්තයේද, අනෙකුත් පවුල් වෙනත් රැකියාවලද නිරත වුවද, ප්‍රමාණවත් ආදායමක් නොමැතිව ජීවත් වන බවත්;

(iii) ඉහත සඳහන් ධීවර කාර්මිකයන් දිනපතා කිලෝග්‍රෑම් 1000 කට අධික කකුළුවන් සහ මුහුදු ආහාර නෙළාගෙන ඒවා වෙනත් ස්ථානවලට යවා සකස් කර පිට පළාත්වලට යවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ජනතාවගේ ජීවනෝපාය පිළිබඳව සළකා බලා, එම ප්‍රදේශයේ මුහුදු ආහාර සකස් කරන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks