02

E   |     |  

 දිනය: 2018-06-07   පිළිතුර ලබා දී ඇත 

0215/2018: Families residing in the welfare centers in Pooththottam Vavuniya

215/’18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       පසුගිය යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් 150ක් අවුරුදු 25ක් පුරා වවුනියාව පූන්තෝට්ටම් සුභසාධන කඳවුරේ වාසය කරන බවත්;

 

 

(ii) මෙම පවුල් 150 නෙඩුන්කේනි, සින්න අඩම්පන් ප්‍රදේශයේ නැවත පදිංචි කරන බවට වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබියදී, මෙම පවුල් සඳහා වූ නිවාස කොටස් දෙකකට බෙදා නෙඩුන්කේනි සින්න අඩම්පන් ප්‍රදේශයේ නිවාස 68ක් සහ පුලියන්කුලම් ප්‍රදේශයේ නිවාස 82ක් වශයෙන් “ලයිකා ඥානම් පුණ්‍යායතනය” විසින් ඉදිකරන ලද බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් නිවාස 150හි එකී ජනතාව නැවත පදිංචි වී සිටින්නේද;

(ii) එසේ නම්, ඒ කවර දිනයක සිටද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks