01

E   |     |  

 දිනය: 2010-11-11   පිළිතුර ලබා දී ඇත 

0566/2010: Cooperatives Act

0566/’10 5. ගරු බුද්ධික පතිරණ මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) සමූපකාර පනත යටතේ මහ බැංකුව විසින් ලියාපදිංචි කරන ලද සීමාසහිත ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධන බැංකු සමිතිය මේ වනවිට සියලුම ශාඛාවන් ඈවර කර, වසා දමා ඇති බව එතුමා දන්නෙහිද? (ආ) (i) මෙම බැංකුව සතුව පැවති ශාඛාවන් ප්‍රමාණය කොපමණද; (ii) තැන්පත්කරුවන් සංඛ්‍යාව සහ තැන්පත් කර තිබූ මුළු තැන්පතු ප්‍රමාණය කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) (i) තැන්පතු ආපසු ගෙවීම සඳහා 2007 වර්ෂයේදී අතුරු කමිටුවක් පත් කළේද; (ii) එසේ නම්, එම අතුරු කමිටුවේ ප්‍රතිඵල කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) ඉහත බැංකුවේ තැන්පත්කරුවන්ට ආපසු ගෙවිය යුතු මුළු මුදල් ප්‍රමාණය කොපමණද; (ii) එම මුදල් නැවත ගෙවීමට කටයුතු කර තිබේද; (iii) නොඑසේ නම්, එම මුදල් ගෙවා අවසන් කරනු ලබන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-11

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks