01

E   |     |  

 දිනය: 2010-11-12   පිළිතුර ලබා දී ඇත 

0565/2010: Promotions of Teachers in Matara District

0565/’10 ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2004/14 උපරිමය රැදී සිටීමේ වාසි චක්‍රලේඛය, 2005/04 උසස්වීම් චක්‍රලේඛය සහ 2008/45 පශ්චාත් උපාධි නොමැති උපාධිධාරී ගුරුවරුන්ට උසස්වීම් ලබා දීමේ චක්‍රලේඛය අනුව මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප හතරෙහි ගුරුවරුන්ට උසස්වීම් ලබා දුන් බවත්; (ii) ඊ‍ට අදාළ හිඟ වැටුප් මෙතෙක් ගෙවා නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) 2004/14, 2005/04 සහ 2008/45 චක්‍ර‍ලේඛවලට අනුව උසස්වීම් ලබා දී ඇති ගුරුවරුන් සංඛ්‍යාව සහ ඒ අනුව හිඟ වැටුප් ලබාදී ඇති ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (ii) මේ වන විට හිඟ වැටුප් ලැබිය යුතු ගුරු සංඛ්‍යාව කොපමණද; (iii) හිඟ වැටුප් ලෙස ඔවුන්ට ගෙවිය යුතු මුළු මුදල් ප්‍රමාණය කොපමණද; (iv) මෙතෙක් හිඟ වැටුප් නොගෙවීමට හේතු කවරේද; (v) හිඟ වැටුප් ගෙවා අවසන් කරන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-12

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks