බලන්න

04

E   |     |  

 දිනය: 2018-06-19   පිළිතුර ලබා දී ඇත 

0132/2018: Lands awarded to people displaced by Moragahakanda project Matale

132/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කළු ගඟ, මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ අවතැන් වූ පවුල්, ලග්ගල මැතිවරණ කොට්ඨාසය තුළම පදිංචි කිරීමට පියවර ගෙන තිබෙන බව දන්නේද;

(ii) එසේ නම්, අවතැන් වූ පවුල් සංඛ්‍යාව සහ ලබාදුන් ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එසේ ලබාදුන් ඉඩම් ප්‍රමාණය වත්මන් පරපුරට ප්‍රමාණවත් වුවද, ඊළඟ පරම්පරා සඳහා ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් නැවත පදිංචි කරන ලද පවුල් මුහුණ දෙන ඉඩම් ගැටලු හා ඔවුන්ගේ ඊළඟ පරම්පරාවට මුහුණ දීමට සිදුවන ඉඩම් ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-19

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks