පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
129/18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහවැලි සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වයඹ ඇල ව්‍යාපෘතියේ ප්‍රධාන ඇල මාර්ගය ගමන් ගන්නා දඹුල්ල, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කි.මී. 20 ක දුර ප්‍රමාණයක ඇලට පහළින් පිහිටි දැනට වැසි දියෙන් පමණක් පෝෂණය වන කුඩා වැව් අමුණු ප්‍රමාණය, එක් එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම කුඩා වැව් අමුණු පද්ධති සියල්ලම පෝෂණය කිරීම සඳහා වයඹ ඇල මඟින් වාරි ජලය සපයනු ලබන්නේද;
(iii) ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර තිබේද;
(iv) ඉහත (i) හි සඳහන් වැව් අතරින් වයඹ ඇල ව්‍යාපෘතියෙන් ජලය සපයනු ලබන හා සපයනු නොලබන වැව්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ප්‍රධාන ඇලට පහළින් ඇති වැව් අමුණු පෝෂණය නොකර, වයඹ පළාතට ජලය සැපයීම දඹුල්ල, ගලේවෙල ගොවි ජනතාවට කරනු ලබන අසාධාරණයක් නොවන්නේද;
(vi) එයට පිළියමක් ලෙස ජලය සපයනු නොලබන වැව් සඳහා ජලය සැපයීමට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන්නේද;
(vii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-05
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks