04

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0041/2018: Proposals 156- Budget 2016

41/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැය යෝජනා අංක 156ට අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් කොළඹ කොටස් වෙළඳපොළෙහි ලේඛනගත සමාගම් බවට පත් කිරීමේ අරමුණ සපුරා ගැනීම සඳහා 2016 වර්ෂය තුළදී අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද;

(ii) 1992 වර්ෂයේදී පිහිටවූ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ ඒවායේ හිමිකාරිත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(iii) වර්ෂ 1992 සිට 2016 දක්වා, ඉහත එක් එක් ප්‍රාදේශීය වැවිලි සමාගම්වල ලාභාලාභ ප්‍රමාණයන් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉහත එක් එක් ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් හිමිකරගෙන ඇති ඉඩම් අක්කර ප්‍රමාණයන් සහ ඒවායේ ඵලදායිතාවය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks