04

E   |     |  

 දිනය: 2018-06-21   පිළිතුර ලබා දී ඇත 

0040/2018: Proposals 157- Budget 2016

40/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැය යෝජනා අංක 157ට අනුව, තේ කර්මාන්තය මුහුණ පා ඇති ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් සමන්විත ක්‍රියාකාරි කමිටුවක් පිහිටවනු ලැබුවේද;

(ii) එසේ නම්, එහි සාමාජිකයන්ගේ නම් කවරේද;

(iii) 2016 වර්ෂය තුළදී එම කමිටුව විසින් හඳුනා ගනු ලැබූ තේ කර්මාන්තය මුහුණ පා සිටි ප්‍රධාන ගැටලු කවරේද;

(iv) 2016 වර්ෂය තුළදී තේ කර්මාන්තයේ ගැටලු විසඳීම සඳහා රජය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks