පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
35/’18
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 132ට අනුව, පොලොන්නරුව, කිලිනොච්චිය, රත්නපුර (ඇඹිලිපිටිය) දිස්ත්‍රික්කයන්හි සුවිශාල ගබඩා තුනක් ඉදිකිරීමට සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිවන ගබඩාවේ වැඩ නිම කිරීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කළ බව පිළිගන්නේද;
(ii) මන්නාරම දිස්ත්‍රික්කයෙහි ඉදිකෙරෙන ගබඩාවෙහි මුල් පිරිවැය ඇස්තමේන්තුව සහ මේ දක්වා වූ එහි ප්‍රගති සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(iii) කිළිනොච්චිය, ඇඹිලිපිටිය හා පොලොන්නරුවෙහි නව ගබඩා සංකීර්ණ තුන ඉදිකිරීමේ කටයුතුවල ප්‍රගතිය කවරේද;
(iv) 2015 අයවැය යෝජනා අංක 132 වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 1000 ක මුදල වැය කළ ආකාරය කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-06
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks