පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0544/10
ගරු එම්. ටී. හසන් අලි මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මඟින් නිකුත් කරනු ලබන නිල හැඳුනුම්පත් හිමි වයෝවෘද්ධ පුද්ගලයන් සඳහා ලබා දී ඇති වරප්‍රසාද සහ සහන කවරේද;
(ii) එකී හැඳුනුම්පතක් හිමි අඩු ආදායම්ලාභී පවුලක වයෝවෘද්ධ පුද්ගලයෙකුට මාස්පතා යම් මුල්‍යාධාරයක් ලබාදීමේ වැඩ පිළිවෙළක් තිබේද;
(iii) මහින්ද චින්තන ප්‍රතිපත්ති අනුව ඉහත හැඳුනුම්පත්ලාභී වයෝවෘද්ධ අයෙකුට ලබා දෙන වරප්‍රසාද කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) නිල හැඳුනුම්පත් ලබා දී ඇති අයට ලබා දෙන වරප්‍රසාද, පහසුකම් හා සහනදායි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍ර ලේඛයන් කවරේද;
(ii) එම චක්‍රලේඛයන් ක්‍රියාත්මක කරනු ලබන ආයතන කවරේද ;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-19
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks