01

E   |     |  

 දිනය: 2018-03-21   පිළිතුර ලබා දී ඇත 

2398/2018: Financial benefits to Kidney Patients of Kurunegala District from Arogya Lottery

2398/’17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       “නීරෝගා ලොතරැයිය” ආරම්භ කළ දිනය කවරේද;

             (ii)       එම ලොතරැයියේ ආරම්භක අරමුණු කවරේද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)    එම ලොතරැයිය ආරම්භයේ සිට මේ දක්වා,

(i) ලැබූ ආදායම;

(ii) ත්‍යාග වශයෙන් ලබාදුන් මුදල;

 (iii) වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ලබාදුන් මුදල;

‍එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්ක‍ය තුළ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බැවින් එම දිස්ත්‍රික්කයට ලබාදෙන ප්‍රතිපාදන වැඩි කිරීමේ හැකියාවක්  තිබේද;

 (ii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-21

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks