01

E   |     |  

 දිනය: 2018-03-23   පිළිතුර ලබා දී ඇත 

2397/2018: thalassaemia patients and steps taken to treat them in Kurunegala District

2397/’17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2010 වර්ෂයේ සිට අද දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ තැලසීමියා රෝගීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම රෝගීන් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

(iii) වයඹ පළාත තුළ තැලසීමියා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබන රෝහල් කවරේද;

 (iv) එම රෝගයට අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් අනෙකුත් රෝහල් සඳහාද ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

(v) එම රෝගීන් සඳහා ශල්‍යාගාරයක් සහ ජාන බැංකුවක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තිබේද;

(vi) මෙම රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-23

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks