පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1959/’17
ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 මැයි මස 26 දින සිට ජූනි මස 05 දින දක්වා ඇතිවූ ගංවතුර හා නායයාම් අවදානම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින, තම නිවාසවලින් ඉවත්වීමට උපදෙස් දී ඇති පවුල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අදාළ නිවාස හිමියන්ට ඒ වෙනුවෙන් ඉඩම් ලබාදීමට සහ නිවාස ඉදිකර ගැනීමට වැඩපිළිවෙළක් සකස්කර තිබේද;
(iii) එසේ නම්, එක් පුද්ගලයෙකුට ලබාදෙන ඉඩම් ප්‍රමාණය සහ නිවසක් ඉදිකිරීමට ලබාදෙන වන්දි මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඉවත් වීමට උපදෙස් ලබාදී ඇති පවුල් සංඛ්‍යාව |
|
1. |
අයගම |
247 |
|
2. |
බලංගොඩ |
7 |
|
3. |
ඇහැලියගොඩ |
264 |
|
4. |
ඇලපාත |
148 |
|
5. |
ගොඩකවෙල |
16 |
|
6. |
කහවත්ත |
50 |
|
7. |
කලවාන |
175 |
|
8. |
කිරිඇල්ල |
99 |
|
9. |
කොලොන්න |
35 |
|
10. |
කුරුවිට |
72 |
|
11. |
නිවිතිගල |
211 |
|
12. |
ඕපනායක |
61 |
|
13. |
පැල්මඩුල්ල |
151 |
|
14. |
රත්නපුර |
83 |
|
15. |
වැලිගෙපොල |
17 |
|
|
එකතුව |
1,636 |
(ii) ඔව්.
අමප/17/1216/715/017 හා 2017.06.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය (ඇමුණුම 05) මඟින් අනුමත නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අධිඅවදානම් හේතුවෙන් ඉවත් කිරීමට නිර්දේශිත පවුල් විකල්ප අවස්ථා 03ක් යටතේ ආරක්ෂිත ස්ථානයක නැවත පදිංචි කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශයද දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇත.
2017 වසරේ ඇති වූ ගංවතුර ආපදාව හේතුවෙන් නිවාස පූර්ණ හානියට පත් වී තම පදිංචි ස්ථානයෙන් වෙනත් ආරක්ෂිත ස්ථානයක පදිංචි කළ යුතු පවුල් ඉහත අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් විකල්ප අවස්ථාවන් යටතේම නැවත පදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇත.
නැවත පදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද විකල්ප අවස්ථා
මෙහිදී මිලදී ගන්නා නිවස සහිත ඉඩම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.
මිලදී ගැනීමට යෝජිත ඉඩම හා නිවස සම්බන්ධව නිරවුල් ඔප්පු, ඉඩමට අදාළ පත්ඉරු පරීක්ෂාව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ගෙවීම් කිරීම.
මෙම නිවාස වැඩසටහන තුළ නිවසක් සාදා නිම කළ පසු තිබිය යුතු මූලික අංග වන මුළුතැන්ගෙය, නිදන කාමර 2ක්, සාලය, වැසිකිළිය තිබීම යන කරුණු අනිවාර්යය වන අතර අවම වශයෙන් වර්ග අඩි 650ක් තිබීම, ස්ථීර අත්තිවාරම, ස්ථිර බිත්ති, ස්ථිර වහලය හා ස්ථිර බිම ඇතුළත්ව නිවාසය ඉදි කර වසර 10ක් නොඉක්මවා තිබිය යුතුය.
තක්සේරු මණ්ඩලයක් පිහිටුවා ඒ මඟින් අවශ්‍ය සහය ලබා ගැනීම හා අවශ්‍ය අවස්ථාවලදී තක්සේරු දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම.
රජයේ ඉඩම් ලබා දී ඇත්නම් එම ඉඩමෙහි නිවස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.2ක් ලබා දීම (ජා.ආ.ස.සේ.ම. පිළිතුර/ ඇමුණුම 04 ) ඇමුණුම් සභාගත* කරමි)
(iii) ඉඩමක වටිනාකම ලක්ෂ 4ක උපරිමයකට යටත්ව පර්චස් 10-20ත් අතර ඉඩම් කැබැල්ලක් ලබා දෙනු ලැබේ.
|
|
වැඩසටහන |
වන්දි මුදල(රුපියල් මිලියන) |
|
1 |
ප්‍රතිලාභියා විසින් ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීම |
1.6 |
|
2 |
ප්‍රතිලාභියා විසින් මිලදී ගනු ලබන ඉඩමක නිවස ඉදිකර දීම. |
1.6 |
|
3 |
රජය විසින් ලබා දෙන ඉඩමක නිවසක් සාදා දීම. |
1.2 |
|
4 |
ප්‍රතිලාභියා සතු වෙනත් ඉඩමක නිවස ඉදිකර දීම. |
1.6 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks