04

E   |     |  

 දිනය: 2010-09-09   පිළිතුර ලබා දී ඇත 

0423/2010: Norochchole Power Plant

0423/’10

ගරු  (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දහනය කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කරනු ලබන ර‍ටවල්වල නම් කවරේද;

            (ii)      ගල් අඟුරු දහනයෙන් නිපදවෙන අළු අපවිත්‍ර දුමාරයෙන් ඉවත් කිරීමට යොදා ඇති පිළියම් කවරේද;

(iii) අපවිත්‍ර දුමාරයේ අඩංගු ගෙන්දගම් හා සල්ෆඩයොක්සයිඩ් ඉවත් කිරීමේ යාන්ත්‍රණය කවරේද;

(iv) පිරිසිදු කරන ලද දුමාරය වාතයට මුදාහරින චිමිනියේ උස මීට‍ර් කොපමණද;

(v) පවිත්‍රකරණය අවසානයේ මුදාහරිනු ලබන දුමාරයේ පවත්වා ගැනීමට අපේක්‍ෂිත සංඝටක සංයුතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්‍වන්නෙහිද?

(ආ) (i) බලාගාරයේ සිසිලන ක්‍රියාවලි සඳහා ජලය සපයා ගන්නේ කෙසේද;

(ii) බලාගාරයේ තුළුමුවන් හා පිටමුවන්වල ගන්නා ජල උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක කොපමණද;

(iii) බලාගාරයෙන් පිටකරන උණුසුම් ජලය මුහුදු ජලජ ජීවීන් කෙරේ ඇති කළ හැකි අහිතකර බලපෑම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-09-09

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks