පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0422/’10
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 වර්ෂය අවසන් වන විට ගණනය කරන ලද විදුලිය බෙදාහැරීම් පද්ධති හානි ප්‍රතිශතය කොපමණද;
(ii) ඒ අතුරින් තාක්ෂණික හානි ප්‍රතිශතය හා තාක්ෂණික නොවන හානි ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත (i) හි අගය 2008 වර්ෂය අවසානයේ අගය හා සන්සන්දනයේදී ප්‍රතිශතය අඩුවීමක්ද, නැතහොත් වැඩිවීමක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පද්ධති හානි අවම කිරීම සඳහා මෙතෙක් ගනු ලැබූ සාර්ථක පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-09-09
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks