පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1692/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොරියානු ජාතික ධීවර සහයෝගිතා සම්මේලනයේ සහය ඇතිව ශ්‍රී ලාංකික ධීවරයන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේද;
(ii) මෙම නිවාස යෝජනා ක්‍රමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන්නේද;
(iii) මෙම යෝජනා ක්‍රමය යටතේ යුද්ධය මෙන්ම ස්වභාවික විපත්වලින් විශාල වශයෙන් හානියට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයන් සඳහා නිවාස ඉදිකර දෙන්නේද;
(iv) එසේ නම්, ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව, ප්‍රදේශ සහ දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-21
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ සම්බන්ධව මෙම අමාත්‍යාංශයේ මැදිහත්වීමක් සිදු නොවන අතර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන්ගේ කොරියානු සංචාරයේදී සිදු කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කොරියානු ජාතික ධීවර සහයෝගිතා සම්මේලනය මඟින් රාජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් කරන ලද ප්‍රදානයක් වන අතර, මෙය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටඅත දකුණ ග්‍රාම නිලධාරි වසම සඳහා පමණක් ක්‍රියාත්මක වන්නකි.
(ii) නැත.
(iii) නැත.
(iv) කොරියානු ජාතික ධීවර සහයෝගිතා සම්මේලනයේ සහය ඇතිව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටඅත දකුණ ග්‍රාම නිලධාරි වසමේ නිවාස ඒකක 25කින් සමන්විත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර, දැනට එයින් සියයට 80ක වැඩ අවසන් වී ඇත.
(ආ) මෙම අමාත්‍යාංශයේ වැඩසටහනක් නොවන හෙයින්, අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-09-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks