04

E   |     |  

 දිනය: 2010-10-21   පිළිතුර ලබා දී ඇත 

0417/2010: Stores - 175, Vauxhall Street

0417/’10

ගරු    ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත්, වොක්ෂෝල් වීදියේ, අංක 175 හි පිහිටි වර්ග අඩි 5000 කින් යුත් ගබඩාව, කොළඹ 10, ටී. බී. ජයා මාවතේ අංක 338 හි පිහිටි ඇරීනා ඉන්ටර්නැෂනල් සමාගමට මාසික කුළිය රු. 108,000/- ක මුදලකට බදු දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) අදාළ බදු ඔප්පුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය හා රජයේ තක්සේරු වාර්තාව ලබාගෙන තිබේද;

(ii) බදුකරු විසින් බදු ගිවිසුමට අනුව හා නීත්‍යානුකූලව කටයුතු කර තිබේද; නැතහොත් කටයුතු කරගෙන යන්නේද;

(iii) එසේ නොමැති නම්, අදාළ ගබඩාව නැවත ජ.න.ව.ස.ම. ට ලබා ගැනීමට කටයුතු කරන්නේද;

(iv) නීත්‍යානුකූලව කටයුතුකර නොමැතිනම්, ඒ පිළිබඳව වගකිවයුත්තෝ කවුරුන්ද;

(v) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-21

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks