පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0414/’10
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර, මැද දුම්බර පිහිටි හෙයාර්ෆාක්වත්තේ හෙක්ටයාර් 976.75ක භූමි භාගය කැළණිය, වනවාසල පුනස්ටා ග්‍රීන් ගාඩන්ස් සමාගමේ අධ්‍යක්‍ෂ මංජුල ගුණවර්ධන යන අය වෙත රු. මිලියන 2ක මුදලකට බදු දී ඇති බව එතුමා දන්නෙහිද?;
(ආ) (i) අදාළ ගිවිසුම සඳහා රජයේ තක්සේරු වාර්තාව හා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගෙන තිබේද;
(ii) අදාළ බදුකරු බදු ගිවිසුමට අනුව කටයුතු කර තිබේ ද;
(iii) එසේ නොමැති නම්, ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) බදුකරු නීත්‍යානුකූලව කටයුතු කර නැත්නම්, අදාළ බදු ගිවිසුම අවලංගු කර ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේද;
(v) එසේ නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නම්, ඒ පිළිබඳ වග කිවයුත්තෝ කවුරුන්ද;
(vi) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-20
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks