04

E   |     |  

 දිනය: 2017-07-27   පිළිතුර ලබා දී ඇත 

1598/2017: Ratata Eliyayi Andura Duralayi - National Program

1598/’17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       “රටම එළියයි - අඳුර දුරලයි” ජාතික විදුලි සත්කාරය වැඩසටහන ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)       එම වැඩසටහන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ) විසින් විදුලිය ලබා දී ඇති නිවාස ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම වැඩසටහන සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් වැය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මේ වනවිට ශ්‍රී ලංකාවේ නිවාස ඒකක අතරින් කොපමණ ප්‍රතිශතයකට විදුලිය සපයා තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-27

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks