04

E   |     |  

 දිනය: 2010-09-09   පිළිතුර ලබා දී ඇත 

0411/2010: Hanthana Watta - Kandy

0411/’10

ගරු    ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර හන්තාන වත්තෙන් අක්කර 45 රූඩ් 02 පර්චස් 16 ක බිම් ප්‍රමාණයක් නීත්‍යානුකූල නොවන ඉඩම් හුවමාරුවක් ලෙස ෂාමිනී කිරිඇල්ල සහ පිලිප් ජයවර්ධන යන අය වෙත ලබා දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) මෙම ඉඩම ලබාදිය හැක්කේ ව්‍යවස්ථාපිතව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරාගෙන වුවත්, එම ක්‍රියා මාර්ගය අනුගමනය නොකර එවකට සිටි අමාත්‍යතුමා සහ ජ.න.ව.ස.ම සභාපතිතුමා විසින් එම ඉඩම පවරා ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයකට බව එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) නීත්‍යානුකූලව පවරා නොමැති නම්, මෙම ඉඩම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට නැවත පවරා ගැනීමට කටයුතු කරන්නේද;

(ii) නීත්‍යානුකූල නොවන මෙම ඉඩම් ගණුදෙනුවට වගකිව යුත්තෝ කවුරුන්ද;

(iii) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-09-09

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks