01

E   |     |  

 දිනය: 2010-08-20   පිළිතුර ලබා දී ඇත 

0403/2010: Illegal Gem Mining

0403/’10

 

ගරු වයි. ජී. පද්මසිරි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      අනවසර මැණික් ගැරීම් මැඩ පැවත්වීම සඳහා 2009 වර්ෂය තුළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මෙහෙය වූ වැටලීම් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එයින් ලැබූ හෝ ලැබීමට අපේක්ෂා කළ මුළු ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2009 වර්ෂය තුළ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය මගින් ඉපැයූ මුළු ආදායම මිලියන කොපමණද;

(ii) එය පෙර වර්ෂය හා සැසඳීමේදී සමස්ත ආදායම වැඩිවීමක් ද; අඩුවීමක්ද;

(iii) කිම්බර්ලි ක්‍රියාවලි සහතික ක්‍රමය යනු කුමක්ද;

(iv) 2009 වර්ෂය තුළදී මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ප්‍රවර්ධනය සඳහා ගනු ලැබූ පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-20

අසන ලද්දේ

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks